තුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් නවතී

භූකම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා සිදුකරන මෙහෙයුම්, දෙසතියකට පසු අත්හැර දැමීමට තුර්කිය තීරණ කර ඇත.

ඔවුන් පවසන්නේ, කලාප දෙකක හැර සෙසු සියලු කලාපවල සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් මෙලෙස අත්හැර දැමීමට තීරණය කළ බවය.
  
කෙසේ නමුත් භූකම්පනයෙන් වැඩිම හානියක් සිදුවූ හතෙයි සහ කහ්රමාන්මරාස් නගරවල මුදාගැනීමේ මෙහෙයුම් අඛණඩව ක්‍රියාත්මකව පවතී.

භූකම්පනයෙන් තුර්කියේ පමණක් සිදුවූ නිල මරණ ගණන 40,000ට අධිකය.

අනතුරින් මියගිය තුර්කි දරුවන් සිහිකරමින්, සුන්බුන් මත රතු පැහැ බැලූන රැඳවීමට පියවර ගෙන තිබුණි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් තුර්කිය වෙත පැමිණි ඇත.

ආධාර රැගෙන පැමිණි ඔහු තුර්කිය සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාර ලබාදෙන බව නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.