බදු පනතට එරෙහිව වෘත්තීයවේදින් විද්වත් කතිකාවතක

ජන පීඩක බදු ශං‌ශෝදන හා රටේ හෙට දිනය නමින් විද්වත් කතිකාවතක් වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (20) වන දින කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නායකයින්,දේශපාලඥයින් හා වෘත්තීකයින් විශාල ප්‍රමානයක් සහභාගී වී සිටින ලදී.මෙහිදි දේශිය ආදායම් බදු පනතට හා නව සංශෝදන හා ඒ සමඟ ඇති වී සමාජ කතිකාවත හා මේ වන විට සමාජය තුළින් හා වෘත්තීීකයින් ගෙන් මෙම පනතට දැඩි විරෝදයක් එල්ල වෙමින් පවතින අතර එම විරෝදය සියළුම සමාජ මට්ටම්, ආර්ථික මට්ටම් එා සමාජයේ ඉහළ ස්ථරයේ සිට පහළ ස්ථරය දක්වා මෙම පනතට විරෝධය දැක්වීම විශේෂත්වක් වේ. බදු ගෙවීම් සම්බන්දයෙන් රජය විසින් වෘත්තීයවේදින් හා සමාන්‍ය ජනතාව අතර ගැටුමක් නිර්මානය කිරීමට සැලසුම් කර ඇති බවත් සමාන්‍ය ජනතාවගේ පවුලක මාසික වියදම රු එක් ලක්ෂ දසදහසක ඉක්මවා යන බැවින් ජනතාවටද බදු ගෙවීම සිදුවන බවට වෘත්තීයවේදින් පෙන්වා දුන්හ.

මෙම අවස්ථාව සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක ප්‍රා.ම විමල් වීරවංශ, 43 සේනාංක නායක පාඨලි ප්‍රා.ම චම්පික රණවක, අපේ ජනතා පක්ෂයේ නායක අතුරුලිය රතන හිමි, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සහභාගී වු අතර මෙහිදි චම්පික රණවක මහතා පවසා සිටියේ රටට ආදර්ශයක් වශයෙන් ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ කර රජයේ අනවශ්‍ය වියදම් සියල්ල කපා හැර ජනතාවට මෙම බදු බරින් නිදහස් කල යුතු බවයි.

එහිදී වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් වෘත්තීය සමිති හා දේශපාලකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ (20) ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තීය සමිති සමුළුව පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published.