ජනාධිපති මට ආදරේ නම් මැතිවරණය තියන්න

තමන්ට ආදරේ නම් මැතිවරණය පවත්වන්නැයි  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් මහතා පැවසීය.

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් නොවන්නැයි කියා  තමාට පණිවිඩ එව්වා යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අසත්‍යයක් බව කී රහුමාන් මහතා ජනාධිපතිවරයා ගේ සිතේ තමා ගැන එවන් ආදරයක් තිබේ නම් කළ යුත්තේ පනිවිඩ එවමින්  සිටීම නොව මැතිවරණය පැවැත්වීම බවද සඳහන් කළේය.

එලෙස මැතිවරණය පවත්වා සත්‍ය ආදරයක් ඇති බව තහවුරු කර පෙන්වන්නැයි  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මුජුබුර් රහුමාන් මහතා කීය.

ගොඩක් වයසට  යනතුරු දේශපාලනයේ රැඳී සිටීමට තමා අදහස් නොකරන බව පැවසූ මුජුබර් රහුමාන් මහතා එසේ වයසට ගිය විට ජනාධිපතිවරුන් වගේ තමාත් ඔහේ කියවාවි යැයි බියක් දැනෙන නිසා ගොඩක් වයසට යන්නට පෙර දේශපාලනයෙන් සමුගන්නා බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.