ඖෂධ නියාමන අධිකාරිය කඹ ඇදිල්ලක- රවි කුමුදේශ්

සෞඛ්‍ය සේවාවේ තිබෙන ගැටළු වන්නේ ආර්ථික අර්බුද, ඖෂධ හිඟය සහ  ප්‍රතිපත්තිමය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පවතින ගැටුම බවත්, ජනාධිපවරයාගේ මැදිහත් වීම සහ රජයේ මැදිහත් වීම මේ සදහා අවශ්‍ය වන අතර, සෞඛ්‍ය අමාත්‍ය වරයා පවසන පරිදි ලියාපදිංචි නොකළ ඖෂධ ලංකාවට ගෙන්වීම  පිළිබදව ගැටළුවක් වුවහොත් එහි වගකීම අමාත්‍යවරයා භාරගන්නවා යැයි පැවසුවද සෞඛ්‍ය ඇමතිවරයාට කිසිසේත් ඖෂධ පීළිබද වගකීම භාරගත නොහැකි අතර, එහි නිත්‍යානුකූල  හෝ ව්‍යවස්ථානුකූල වගකීමක් නොමැති වනවා සේම සෞඛ්‍ය අමාත්‍යංශයටත් ඖෂධ වල ගුණාත්මක තත්වය පිළිබඳ වගකීම භාරගන්න බෑ. එහි වගකීම පවතින්නේ ඖෂධ නියාමන අධිකාරියට. එහෙත්  ඖෂධ නියාමන අධිකාරිය ද කඹ ඇදිල්ලක නිරතව සිටින බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පැවසීය.

මෙහි තාක්ෂණික මාෆියාවක් පවතින බවත්, විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය වරුන්ගේ පුද්ගලික මතය තාක්‍ෂණික මතය වශයෙන් ප්‍රකාශ කිරීමේ කාරණාව නිසා සෞඛ්‍ය සේවාවේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම හේතුවෙන් තමන්ට අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව දේශපාලන අධිකාරියට හා අමාත්‍යංශයට පවතින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.