ඩබ්ලිව්.පී.සීට පහර දුන් පී.සීට වැඩ වරදි

කඩවත පැවැති සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතින් පයින් පහර දී තුවාල සිදු කර ඇගේ ජංගම දුරකථනය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහබාගේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැඩතහනමකට ලක්කරන බව ද පොලිසිය කියයි

මහබාගේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි මෙම පොලිස් කොස්තාපල් ඉකුත් 25 දින රාත්‍රී රාජකාරියට වාර්තා කර නාමලේඛනය පෙනී සිටිමින් පසුව කිසිවකුටත් නොදන්වා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් බැලීමට ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

එහිදී සංගීත ප්‍රසංගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිල ඇඳුමෙන් සිටි බියගම පොලීසියට ආධුනික පොලිස් කොස්තාපල් කොස්තාපල්වරියක් සමග බහින්බස් වී ඇයට අතින් පයින්  පහරදී තුවාල සිදුකර ඇගේ ජංගම දුරකථනය පැහැර ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කළ පැමිණිල්ලකට අනුව කැලණිය පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.