උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරකින් 32 දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ මගීන් 350ක් පමණ ගමන් කරමින් සිටි දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය.
එම අනතුරෙන් අනතුරුව එක් දුම්රියක් ගිනිගෙන තිබූ බවද වාර්තා විය.