බ්‍රිතාන්‍යයෙන් ආයෝජන ගේන්න කන්නයියා පත්කරයි

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා නියෝජිතයින් පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එක්සත් රාජධානියේ නියෝජිතයා ලෙස කන්නයියා ගජන් මහතා පත්කෙරිණි.  

ආයෝජන ප්‍රවර්ධන ඇමති දිලුම් අමුණුගම විසින් ඒ මහතාට පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී.

එම පත්වීම අද (1) සිට ක්‍රියාත්මක වන අතර එක්සත් රාජධානියේ සිට බලශක්ති, කෘෂිකාර්මික, නගර සංවර්ධන, ඛණිජ සම්පත් සදහා ආයෝජකයින් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඔහුට පැවරී තිබේ.

යාපනයේ උපන් කන්නයියා ගජන් මහතා බි්‍රතාන්‍යයේ පදිංචිකරුවෙකි. එරට සෆෝක්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධියක් වන අතර ඔහු බි්‍රතාන්‍යයේ ව්‍යාපාර රැසක හිමිකරුවෙකි.

මහා බි්‍රතාන්‍යයේ කෙයාර් ඉන්ටර්නැෂනල් ව්‍යාපෘති කළමණකරු සහ විවිධ සමාගම්වල  ප්‍රධාන විධායක නිලධාරියෙක් ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

බි්‍රතාන්‍යයේ ලොටස් විලේජ් හෝම් කෙයාර් සමාගමේ නිර්මාතෘ සහ  ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඒ මහතා නොදර්න් කැම්පස්හි ශ්‍රී ලංකා නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ වර්ල්ඩ් ඉකොනොමිස්  චිවස්ලොස්මන්ට් සංවිධානයේ සහ ෆුඩ් ඔෆ් සිලෝන් සමාගමේ නිර්මාතෘවරයා ද වේ. 

Leave a Reply

Your email address will not be published.