ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමක් ලෙබනනයට

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ ශ්‍රී ලංකා යුද හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ 125 දෙනෙකු අද (02) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් ලෙබනනය බලා පිටත්ව ගොස් තිබේ.

මෙම භට කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙබළුන් 115 දෙනෙකු ඇතුළත් විය.

ඔවුන් අතරින් 02 දෙනෙකු කාන්තා නිලධාරිනියන් වන අතර තවත් 08 දෙනෙකු කාන්තා සෙබළියන් ය.

මීට අමතරව පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හදුනාගැනීම සඳහා විශේෂ පුහුණුව ලත් “ෆ්‍රෑන්ක්, ජුපිටර්, ටයිගර් සහ ලීනා” නමැති සුනඛයින් සිව් දෙනෙකු ද ලෙබනනයේ අතුරු හමුදා බළකායේ රාජකාරී සඳහා රැගෙන ගොස් තිබේ.

මෙම පිරිස ඉතියෝපියානු ගුවන් සේවයේ ඊ.ටී.- 8405 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 02.00 ට කටුනායක ගුවන් තොටුපොළින් ලෙබනනය බලා පිටත්ව ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published.