කොවිඩ් වෛරසයට සමාන තවත් වෛරස රෝගයක් ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එය H3N2 ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මේ වෛරසය හේතුවෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතිවන අතර එය දින පහත් හතත් අතර කාලයක් පවතින බව වාර්තා වේ.
තවද අධික ලෙස ශරීරයේ මාංශපේෂිවල වේදනාවක් පැවතීම ද මෙහි රෝග ලක්ෂණ වන බව වෛද්‍යවරුන් පවසා ඇත.
එම වෛරසය වැලඳුන විට ෆැරන්හයිට් අංශක 102 – 103 අතර අගයක් දක්වා ශරීර උෂ්ණත්වය ඉහළ යන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.