කොටහේන ප්‍රදේශයේදී අද (07) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
උසාවියේ නඩු කටයුත්තක් සඳහා පුද්ගලයෙකු ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි කිසියම් අයෙක් විසින් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
කෙසේවෙතත් ඔහුට එම අවස්ථාවේ වෙඩි වැදී නොමැති බව වාර්තා වේ.
කවුරුන් විසින් කුමන හේතුවක් මත වෙඩි තැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.