වීරකැටිය සෝදිසි මෙහෙයුමක් අතරතුර ගැටුමක්

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලීසිය සහ සිවිල් වැසියන් පිරිසක් සමග හටගත් ගැටුමකින් පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලැබීය.

වීරකැටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් අත්තනයාල ප්‍රදේශයේ මාර්ගයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී ගැටුම හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගැටුමෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එකම පවුලේ පුද්ගලයින් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වීරකැටිය පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.