වරාය සේවකයින් පැය 48 ක අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගයක

වරාය සේවකයින් අද (13) සහ හෙට 14 දින පැය 48 ක කාලයක් අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසීය.වරාය අධිකාරියේ වෘත්තීය සමිති 33 ක් මෙම     ක්‍රියාමාර්ග සදහා සම්බන්ධ වනවා, මේ දින දෙක තුලදි ආණ්ඩුව මෙම ගැටළුවට නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් වරාය සේවකයින් එළඹෙන 15 වන දින සියළු රාජකාරි කටයුතු වලින් ඉවත්ව වැඩවර්ජනයක් සිදුකරනවා. මෙම අසාධාරණ බදු පනත අහෝසිකර ජනතාවට සහන සැලසිය යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසිය

Leave a Reply

Your email address will not be published.