ධීවරයින් 22ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 22 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

කිලිනොච්චිය, නගර්කෝවිල් හා කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු  මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම් මඟින් සැකකරුවන් සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 

එහිදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු සමග ඩිංගි යාත්‍රා හතක්, මුහුදු කූඩැල්ලන් 400ක පමණ තොගයක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. 

සැකකරුවන් අවුරුදු 25ත් 50ත් අතර වයසේ පසුවන මන්නාරම, කල්පිටිය, මාමුණෙයි සහ නිලාවේලී යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව සඳහන්ය.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයටත්, ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත් භාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.