යුපුන් ට හිමිවූ තැන

ඉතාලියේ පැවති ධාවන තරගයකින් සිව්වන ස්ථානය දිනාගැනීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (18) සමත්ව තිබේ.

ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.21ක් ලෙසය.

එම තරගයේ ප්‍රථම ස්ථානය ටෝකියෝ ඔලිම්පික් පදක්කම් ලාබී ජැකොබ් මාර්ෂල් විසින් හිමිකර ගෙන තිබුණි.

ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.07ක් ලෙසයි.

තත්ත්පර 10.00ට අඩුවෙන් යුපුන් අබේකෝන් එම තරගයට අවසන් කිරීමට හැකිවූයේ නම් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ඔහුට හැකිවේ.

එහෙත් එම තරගයේ දී ඔහුට එම මට්ටමට පැමිණීමට නොහැකි වූ අතර තවත් තරග කිහිපයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බැවින් එම තරගවලදී ඔහු පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබනු ඇති බව විචාරකයින් පවසයි.

Leave a Reply

Your email address will not be published.