සරසවි සිසුවෙක් දියේ ගිලෙයි

ඔළුවිල් අග්නි දිග විශ්වවිද්‍යාගයේ සිසුන් පිරිසක් ඒම විශ්වවිද්‍යාලය පිටපස ඇති මුහුදු තීරයේ දියනෑමට ගොස් සිටියදී එක් සිසුවෙකු රැල්ලට හසු වී ගසාගෙන ගොස් ඇත.

පසුව ප්‍රදේශවාසීන්  සිසුවා බේරාගෙන ඔළුවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. 

මියගොස් ඇත්තේ 21 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතින් වෙත බාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published.