රූමතියගේ ඝාතකයා ගොයම් ගහෙන් අල්ලයි

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් දනුකා මධුවන්තිගේ ඝාතනයේ සොයාගැනීමට මඟ පෑදුණේ ගොයම් පැලයක් යැයි අස්ගිරිය පොලිසිය කියයි.

දනුකා මරා කුඹුරක වළ දමා ඒ මත සිට වූ ගොයම් පැල දෙකක් පොලිස් නිල සුනඛ ‘‘ඒගල්ට‘‘  ඉව කිරීමට ලබා දීමෙන් පසුව ලබාදුන් හෝඩුවාවක් මත හමුදා සාමාජියකා අත්අඩංගවට ගැීමට හැකි වූ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පවසයි.

ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මඩ ගොහොරු මැදින් කඳු හෙල් තරණය කරමින් කිලෝමීටර් හතරක පමණ අතිශය දුෂ්කර ගමනක් ගොස් නිවසට ඇතුළු වූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාශය වැඩිදුරටත් පවසයි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පොලිස් කොස්තාපල් බී ජී ජයරත්න42320මහතා පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබීය.

එම කොට්ටාශයේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ පෙරේරා මහතා මෙහිදී අධීක්ෂණ නිලධාරී ලෙස කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published.