කපිතාන් ලෙස පෙනී සිට කප්පම් අරන් මාට්ටු

යුද හමුදා විශේෂ බලකායෙ කපිතාන්වරයකු ලෙස හා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හඳුන්වා දෙමින්  ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබාගත් යුද හමුදාවේ හිටපු සෙබළෙක්  ගල්කිස්ස ප්‍රසිද්ධ විද්‍යාලයක් ඉදිරිපිට දී  පානදුර  වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ තරු තරුපහේ හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු රැකියාවක් කරන්නෙක් බවට අනාවරණය විය

වැල්ලවත්ත සිට මොරටුව දක්වා  භාරව සිටින යුද හමුදා විශේෂ බලකායෙ කපිතාන්වරයකු ලෙස සහ සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස  හඳුන්වාදෙන පුද්ගලයකු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හමුවට ගොස්  කිසිදු හිරිහැරයක් නොමැති ව ජාවාරම සිදු කර ගැනීම සඳහාය අවස්ථාව ලබාදෙන බව පවසා කප්පම් මුදල් ලබා ගැනීමේ නිරත වන බවට  පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් අනුව  උපක්‍රමශීලීව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ   මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සොයා මෙහෙයුමක් සිදු කරන බව පවසා උපක්‍රමශීලීව සැකකරුව ගල්කිස්ස ප්‍රසිද්ධ විද්‍යාලයක් ඉදිරිපිටට කැඳවා  සැකකරු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කටයුතු කර  ඇත

Leave a Reply

Your email address will not be published.