රාජ්‍ය බැංකුවලින් නිවේදනයක්

රට තුළ පවතින තත්ත්වය හමුවේ ලංකා බැංකුව සහ මහජන බැංකුව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව එම බැංකු කළමනාකාරීත්වය නිවේදනය කරයි. 
 
ඒ අනුව මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ය.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා ඒ බව පැවසීය.

මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ ලෙස අද දින  ක්‍රියාත්මක වෙයි.

පෙරවරු 10.30 වන විට කාර්යමණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවත් මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා තහවුරු කරයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ මුදල් භාර නිලධාරී සංගමය විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත දැනුම්දී ඇත්තේ තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ඔවුන් පෙන්වාදී ඇත. 

ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වනවිට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සාමාන්‍ය පරිදි සූදානම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති එම්. යූ. මොහොමඩ් මහතා තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published.