පස්වරුවේ දුම්රිය 9ක් පමණයි

දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වීම නිසා අද (15) පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

ඒ අනුව ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4 ක්, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2 ක බැගින් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ලෙස එම දුම්රිය ධාවනය වන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීය.

කොළඹ කොටුවෙන් පස්වරු 2.25ට රඹුක්කන, පස්වරු 5.10ට මහනුවර, පස්වරු 4.40 ට ගනේවත්ත සහ පස්වරු 6.00ට මහව දක්වා ප්‍රධාන මාර්ගයේ එම දුම්රිය පිටත්වීමට නියමිතය.

වෙරළබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 5.00 ට බෙලිඅත්ත දක්වා සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 5.25 ට ගාල්ල දක්වා ද, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුවේ සිට පස්වරු 4.30 ට සහ 5.30 ට හලාවත දක්වා ද, කැලණිවැලි මාර්ගයේ පස්වරු 5.00 ට අවිස්සාවේල්ල දක්වා ද, දුම්රිය ධාවනය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.