තවත් හද සසල කළ මරණයක්

පහරදීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (15) අදාළ මරණය සිදුව ඇති බවය.

පසුගිය 14 වනදා රාත්‍රියේ අදාළ පුද්ගලයා බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන තිබේ.

පසුව ඔහු විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහරදීමට උත්සාහ කර ඇත.

පහරදීමෙන් මවව බේරාගැනීමට මියගිය පුද්ගලයාගේ පුතා සහ දියණිය මැදිහත් වී ඇති අතර, එම අවස්ථාවේ දී පුතා විසින් යකඩ පොල්ල උදුරාගෙන පියාගේ හිසට පහරදී ඇත.

එහිදී තුවාල ලැබු පියා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඝාතනය සිදුකළ අවුරුදු 16ක් තරුණයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.