රාජ්‍ය ආයතන 40ක් වසා දමනවා – මුදල් රාජ්‍ය ඇමති

ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවක් ලබන 20 වනදා පැවැත්වෙයි. 

එහිදී ගන්නා තීරණ දැනුම්දීම සඳහා ලබන 21 වනදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය. 

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියාද එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ. 

මෙම විස්තීරණ ණය පහසුකම අනුමතවීමෙන් පසු මේ වසරේ සිව්වන කාර්තුවේදී මෙරට ආර්ථිකය ස්ථාවරත්යට පත්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

Leave a Reply

Your email address will not be published.