පළාත් තුනකට හා දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

බස්නාහිර,සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි හා තද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමටද කටයුතු කරන ලෙසටයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.

මඩකලපුව,අම්පාර හා අහම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනේ වෙරළබඩ කලාපවල සිහින් වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ සදහන් වනවා.

Leave a Reply

Your email address will not be published.