ගුරු මාරු අර්බුදය දුරදිග යයි

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය ඊයේ (17) නිවේදනය කළේය.

ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500කගේ සියලු මාරුවීම් අහෝසි වනු ඇති බව එම වාර්තාවල සඳහන්ය.

කෙසේවෙතත් ගුරු මාරු මණ්ඩලයේ සාමාජික පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසන්නේ නව පාසල් වාරය ආරම්භයෙන් පසු ලබන 28 වනදා වනවිට සියලු ගුරු මාරුවීම් එලෙසම ක්‍රියාත්මක වන බවය.

Leave a Reply

Your email address will not be published.