තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් අත්අඩංගුවට

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58ක් සමඟ සැකකරුවන් 02ක් ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසලදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව ‍‍පොලිසිය හා එක්ව එම ප්‍රදේශයේ ඊයේ (18) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම පුපුරණ ද්‍රව්‍ය හමුව ඇත.

එම පුපුරණ ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී සොයාගෙන තිබේ.

ත්‍රිරෝද රථයේ තිබී වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58ට අමතරව ඩෙටනේටර් 100ක් සොයගෙන ඇත. 

නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදාගැනීමට එම වාණිජ පුපුරණද්‍රව්‍ය තොගය රැගෙන යන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 34ක් වන නිලාවේලී සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.

ඉදිරි නිතීමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published.