ලොරි – ත්‍රීවිල් අනතුරින් 13ක් රෝහලට

පන්විල, නාරම්පනාව ඔරුතොට මාර්ගයේ සේරාවත්ත හන්දියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13ක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

ඊයේ (19) සවස් කාලේයදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

නාරම්පනාව දෙස සිට ධාවනය කළ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කළ ත්‍රීරෝද රථයක ගැටී ලොරි රථය මාර්ගයේ පෙරළී එම අනතුර සිදුව ඇත.

අනතුරින් ලොරි රථයේ ගමන්කළ 11 දෙනෙකු සම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ලොරි රථයේ සහ ත්‍රීරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.