අඹුසැමි ආරවුල විසඳන්න ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් – අත්බෝම්බයක් සමග හිටපු එල්ටීටීඊ සාමාජිකයා අත්අඩංගුවට

විමර්ශනය සිදුකිරීමට ගිය පොලිස් නිලධාරීන්ට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයෙන් පොලිස් සැරයන්වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලැබූ බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී ඒ. එස්. ඒ. රහීම් මහතා පැවැසීය.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ කාතතාන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති ප්‍රදේශයේදීය.

අඹු සැමියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීමට ගිය පොලිසියට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා විමුක්ති කොටි සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයකු වන ශිවකීර්ති නමැත්තා බවට අනාවරණය වේ ඔහු ළඟ තිබී අත්බෝම්බයක් පොලිසියට හමුවී ඇත.

බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන් සුබසිංහ සහ පොලිස් නිලධාරි පුෂ්පකුමාර මඩකලපුව ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published.