බූරු මුණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කතක් මාට්ටු

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන රවිඳු වර්ණ රංග නොහොත් බුරු මුනාට කොන්ත්‍රාත්තුවක් දී ද්විත්ව ඝාතනයක් සිදුකළ බව කියන කාන්තාවක් හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිඟිති නැමැති මත් ද්‍රව්‍ය ජාවාරම් කාරියක් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට සැකකාරිය ප්‍රති විරුද්ධ පාතාල කල්ලියක් අතින් ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කරුවකු කටා රොෂාන් නැමැත්තාගේ නැගණිය බව පොලීසිය සඳහන් කරයි.

ඉකුත් ඔක්තෝම්බර් 31 මෙම දිවිත්ව ඝාතනය සිදුකර තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ දී ය.

සැකකාරිය එම දිවිත්ව ඝාතනය සිදු කිරීම සඳහා බුරු මුනා ට රුපියල් ලක්ෂ විස්සක් මෙන්ම ගිනි අවියක් ත්‍රීරෝද රථයක් යතුරු පැදියක් ලබාදී ඇති බවට අනාවරණය වී ඇත.

සැකකාරිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 2 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.