රුහුණු විශ්වවිද්‍යාලයේ පසුගියදා ඇතිවු ගැටුමට සම්බන්ධ සිසුන් දෙදෙනෙකු අද උදෑසන කඹුරුපිටිය පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
කඹුරුපිටිය තාක්ෂණ පීඨයේ නේවාසිකාගාර පාලක හා සිසුන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිසුන් විසින් නේවාසිකාගාර පාලකවරයාට පසුගිය මස 26 වනදා රාත්‍රියේ පහරදීමක් සිදුකර තිබුණි.
පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණවලට අනුව එම පහරදීමට මෙම සිසුන් දෙදෙනා සම්බන්ධ බවට හඳුනාගෙන තිබුණු බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකි.
ඔවූන් අද (21) කොටවිල මහෙස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.