මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පෙරියසාමි සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විසින් තීන්දුව ලබාදුන්නේය.

2013 වසරේ පෙබරවාරි 8 වනදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම විත්තිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කළ අතර ඒ තුළ හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 220ක් තිබූ බව රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තා කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වී තිබෙන බවය.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.