“විනිසුරුවන්ට අත නොතබනු“ නීතීඥ මහා සභාව විරෝධතාවක

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී අද (24) දහවල් නීතීඥ මහ සභාව විසින් විනිසුරුවන්ට අත නොතබනු යන මැයෙන් විරෝධතාවයක් පවත්වන ලදි.

ගරු ශේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුව වෙත අතුරු නියෝගයක් මගින් පාලාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වන දිනට පෙර පැවැත්විය යුතුයි යනුවෙන් ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ යෝජනාවක් මගින් තීන්දුව ලබාදුන් විනිශ්චයකාරවරු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත ගෙන්විය යුතුයි යනුවෙන් යෝජනාවක් සම්මත කර ගැනිම පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මෙම විරෝධතාවය පවත්වා ඇත.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපැම් කිරිමක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම වරප්‍රසාද කමිටුවේ යෝජනාව ඉල්ලා අස්කර නොගතහොත් ඉදිරියේදි දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කර සිටියි.

Leave a Reply

Your email address will not be published.