වයඹ පොලිස් ලොක්කන්ට මාරුවක්

වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා  පොලිස් කේෂත්‍ර බළකා මුලස්ථානයට මාරු විම ලබා දී ඇති බව කියයි.

මෙසේ වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි මරුවක් ලැබ ඇත්තේ වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්.පතිනායක,පුත්තලම නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි.එම්.සෙනවිරත්න,පුත්තල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර, ආණමඩුව පොලිස් අධිකාරි එච්.එම්.සි.පි. හේරත්, හා ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත ආර් බංඩාර නැමති පොලිස් නිළධාරින්ට බව කියයි.

අදාල හදිසි මාරුව පොලිස්පතිවරයා විසින් 28 දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරමින් අදාල නියෝගය නිකුත් කර තිබේ.

මේ ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුලු ඉහළ නිළධාරින් පිරිසකට එකවර වහාම ක්‍රියාත්මක වන ආකාරයට මාරු විම ලැබු පළමු අවස්ථාව මෙය බව කියයි.

කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ මෙම මාරු විම සදහා මුල්ව ඇත්තේ පසුගිය 22 දි නවගත්තේගම පොලිස්ථානයෙ පොලිස් කොස්තාපල්වරයකුට ආණමඩුව ආලංකුලම ප්‍රදේශයෙදි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පිරිසක පහර දිමේ සිද්දිය සමතයකට පත් නොකර අධිකරණය දක්වා යාමේ සිද්දිය මුල් කරගනිමින් බව කියයි.

Leave a Reply

Your email address will not be published.