ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ආරක්ෂක අංශ මැදිහත් වෙයි

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම සඳහා ආරක්ෂක අංශවල සහාය ලබාගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලාසිටියේ ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාවට කලබල නොවන ලෙසය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ එහි ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් ඇරඹු වැඩවර්ජනයක් හේතුවෙන් ඉන්ධන සැපයුමට යම් බාධා ඇතිවුවද එය මේ වනවිට යථාතත්ත්වයට පත්ව ඇති බවය.

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන සංචිත ප්‍රමාණවත් තරම් රටතුළ පවතින බවය.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය ද නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බවය.

මේ හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වලට රැස් නොවන ලෙසටද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.