දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

අද (01) දහවල් එම අනතුර සිදුවී තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8.7 වීදියගොඩ ප්‍රදේශයේදීය.

මාතර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පිටුපස වෛද්‍යවරයා පැදවූ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

කරාපිටිය රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලැබ සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටියදී වෛද්‍යවරයා මෙම අනතුරට ලක්වී ඇතැයි පොලීසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් වාර්තා වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලනිගම පොලීසියේ නිලධාරීන් සහ ගිනිනිවීමේ හා ජීවිත ගලවාගැනීමේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තුවාල ලබා සිටි වෛද්‍යවරයාට මූලික ප්‍රතිකාර ලබාදී තිබේ.

අදාළ අනතුරින මෝටර් රථය දැඩි අලාභහානී සිදුවී ඇත.

මෝටර් රථය පැදවූ වෛද්‍යවරයාට නින්ද යාම හේතුවෙන් එම අනතුර වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

Leave a Reply

Your email address will not be published.