සහෝදරයින් එකතුවී කළ හොරකම

පානදුර කළුදෑවල ප්‍රදේශයේදී  ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදී ත්‍රිරෝද රථය පැහැරගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටගත් බව පානදුර පින්වත්ත පොලීසිය පැවසීය.

සැකකාර එක් සහෝදරයෙකුගේ සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5,100ක් පොලිස් භාරයට ගෙන ඇත.

ත්‍රිරෝද රථ රියදුරු මීට දින දෙකකට පමණ ඉහතදී පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා බිරිඳව රෝහල වෙත ඇරලවා යළි නිවස ආසන්නයට පැමිණ ත්‍රිරෝද රථය නවතනවාත් සමගම එහි පැමිණ තිබූ සැකකරුවන් රියදුරුට පහරදී ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් තිබිණි.

පහරදීමට පැමිණි සැකකරුවන් හඳුනාගෙන තිබූ රියදුරු ඒ සම්බන්ධයෙන් දුරකථනය හරහා සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පැය කිහිපයක් තුළදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්කුඩු ජාවාරමට හා කොල්ල කෑම් වලට සම්බන්ධ පුද්ගලයන් බවත් පොලීසිය කීය.

Leave a Reply

Your email address will not be published.