රයිස් කොත්තු මිල අද සිට පහළට

අද (05) සිට බත් පැකට්ටුව, කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිල 20%කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ගෑස් මිල පහළ දැමීම හේතුවෙන් මෙලෙස ආහාරවල මිල අඩු කිරීමට තීරණය කළ බවයි.

මීට අමතරව කිරි තේ සහ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් පහළ දමන බව ඔහු පැවසීය.

ඒ අනුව, කිරි තේ කෝපපයක් නව මිල රුපියල් 90ක් වන අතර ප්ලේන් ටී එකක නව මිල රුපියල් 30ක් දක්වා පහළ යනු ඇත.

අදාළ මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව අසේල සම්පත් වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.