මහ සිකුරාදා අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දී දුක් විඳ සිය ජීවිතය පූජා කිරීම සිහිකෙරෙන මහ සිකුරාදා අද ( 07 වැනිදා) ය.

ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් උන්වහන්සේගේ දිවි පිදීම සමරන අතර ඒ නිමිත්තෙන් සියලුම දේවස්ථානයන්හිදී තුන්පැය ධ්‍යානයන් පැවැත්වේ.

ජේසුස් වහන්සේ තුන් පැයක් කුරුසියේ එල්ලී සිටිමින් ප්‍රකාශ කළ දේව වාක්‍ය හතක් මෙහිදී මෙනෙහි කෙරේ.

උන්වහන්සේ ජීවිතය පූජා කළේ ලෝක වාසීන්ගේ ගැලවීම වෙනුවෙන්ය යන්න කිතුනුවන්ගේ විශ්වාසයිය.

Leave a Reply

Your email address will not be published.