ආදරය දෙදරා යයි – රූමත් බිරිඳ මරුට

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 23 හැවිරිදි බිරිඳට ස්වාමියා විසින් මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලීසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංච් මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නැමති එක්දරු මවකි.

පොලීසියට ලද තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට යනවිටත් එම තරුණිය ලේ විලක් මැද කුස්සියේ උළුවැස්ස මත ඇදවැටි මරණයට පත්ව සිට ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලීසිය අධිකරණය හමුවට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණය පරීක්ෂක කටයුතු සිදුකිරීමට නියමිතය.

මිය ගිය කාන්තාව ආසන්නයේ තිබි පහරදීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන මුගුරද හමු වී ඇත.

ඝාතනය සිදුකළ සැකකාර සැමිය පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන අරණායක පොලීසිය සිදුකරයි.

මොවුන් දෙපළට අවුරුදු තුනහමාරක දියණියක් ද සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.