අමෙරිකාවේ කෙන්ටකී ප්රාන්තයේ ලුයිස්විල් නගරයේ බැංකුවක වෙඩි තැබීමක් සිදුව ඇත.
එහිදී පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කර ඇත.
පොලීසිය එල්ල කළ ප්රතිප්රහාරවලදී සැකකරු ද මියගොස් තිබේ.
ඔහු මීට පෙර එම බැංකුවේ සේවය කළ අයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.