පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ QR කේතය මගින් ඉන්ධන් ලබාදීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
ඊට පෙර සතියේදී QR කේතය මගින් ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබු බවත් ඔහු පවසයි.
ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 66ක ඉන්ධන අලෙවිය තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60%ක පමණ තිබු QR කේතය මගින් ඉන්ධන අලෙවිය 80%කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති අතර, ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4,650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක් ටොන් 5,500ක් නිකුත් කර බෙදාහරිනු ලැබෙන බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරයි.