උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (16) සවස 6ට නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, නැගෙනහිර, උතුරු මැද, වයඹ පළාත්වලත් කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහාත් එම අවවාදාත්මක නිවේදනය හෙට (17) දිනය දක්වා බලපැවැත්වෙන බවය.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත් අදාළ ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව වැඩි වේලාවක් හිරු එළියට නිරාවණය වීම හා ක්‍රියාකාරකම්වල නියුතු වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බව ද එම නිවේදනයේ දක්වා තිබේ.

ඒ අනුව තවදුරටත් එම ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු පෙරළීම වැනි දේ ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published.