දකුණු මුහුදේ දී ඇල්ලු හෙරොයින් තොගය ගාලු වරායට

විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ පුද්ගලයින් 6දෙනා ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.

එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 175ක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 3.5ක් බව නාවික හමුදාව පැවසීය.

පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.