පළා ගිය රැඳවියන් අතරින් දෙදෙනෙක් අත්අඩංගුවට

තල්දෙන එළිමහන් සිරකඳවුරෙන් පළා ගිය රැඳවූවන් 09 දෙනාගෙන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නෝම්බි උපවාසයේ යෙදී සිටි මුස්ලිම් ජාතික තරුණයින් 09 දෙනෙකු අද (17) අලුයම සිරකඳවුරෙන් පළාගොස් තිබුණි.

කෙසේවෙතත් ඔවුන් සොයා ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේය.

මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රඳවා සිටි මොවුන්ගෙන් පළාගිය සෙසු 07දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.