චන්දිමාල්ට සහ සදීරට ශතක

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.

මීට සුළු මොහොතකට පෙර දිනේෂ් චන්දිමාල් සිය 14වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

ඔහු සමග පන්දුවට පහරදෙමින් සිටින සදීර සමරවික්‍රම ද සිය මංගල ටෙස්ට් ශතයක රැස්කිරීමට සමත්විය.

ඔවුන් දෙදෙනා ශතක ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 591ක් රැස්කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.