ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 280 ක ජයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 280 ක ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙක් ශතක වාර්තා කිරීමට සමත් වූ අතර නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් හා සධීර සමරවික්‍රම මෙලෙස ශතක වාර්තා කළා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 143 ක් ලබාගත් අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 7 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

අනතුරුව යළිත් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 168 ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා

Leave a Reply

Your email address will not be published.