දියණියන් දෙදෙනට හා පුත්‍රයාට CR පොතක් පිරෙන්න උපදෙස් මාලවක් ලියා තබා සිය දිවි නසාගත් ඉංජිනේරු පියා

පුත්තලම වාරි මාර්ග කාර්යාලයේ සේවය කරමින් සිටි ඉංජිනේරු සහකාරවරයකු ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු කොට්ටුකච්චිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස ආසන්නයේ අඹ ගසක ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංජිනේරු සහකාරවරයකු ලෙස සේ කරමින් සිටි හැවිරිදි තිදරු පියෙක්.

අදාළ ඉංජීනේරු සහකාරවරයා වසරකට ආසන්න කාලයක සිට වකුගඩු රෝගයෙන් පිඩා විඳිමින් සිට ඇති අතර ඒ හේතුවෙන් බරපතල ලෙස ශාරීරික පිඩනයකට පත්ව දිවි ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ වකුගඩු නරක් විම හේතුවෙන් ඒ සඳහා වකුගඩු බද්ධ කිරීමට සූදානමක් තිබු බව ද හෙළිවී තිබෙනවා.

එසේ තිබියදී ජීවිතය පිළිබඳ දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි අදාළ ඉංජිනේරු සහකාරවරයා මෙලෙස දිවි හානි කරගෙන තිබෙනවා.

දිවි නසා ගැනිමට පෙර තම බිරිඳට, පුතුට, දියණියන් දෙදෙනාට සීආර් පොතක් පුරා සටහන් තබා ඇති අතර රෝගය දරුණු විම හේතුවෙන් ජීවිතයෙන් වෙන් වී යන බවටයි එහි සටහන් කර ඇත්තේ.

එම පොත තුළ තැබු සටහන්වල පුතුට දැඩි ලෙස අවවාද දෙමින් නරක මිතුරන් ඇසුරු නොකරන ලෙසත්, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතයට නොගන්නා ලෙසට මෙන්ම හොඳින් අධ්‍යාපනය හදාරන ලෙසත් දැඩි ලෙස අවවාද කර තිබූ බව සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෙම මරණය දිය දිවි නසා ගැනිමක් බවට සනාථ කර අදාළ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලිසියට නියෝග ලබා දී තිබෙනවා.

පුත්තලම මුලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published.