පොලිස් රථයට ගිනි තැබූ 3ක් මාට්ටු

පසුගිය වසරේ මැයි 9 වනදා පංචිකාවත්ත ප්‍රදේශයේ දී පොලිස් කාර් රථයකට පහරදී කොටස් ගලවා ගිනි තබා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුනේ වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අවුරුදු 18, 31 හා 46 යන වයස්වල පසුවෙන මාළිගාවත්ත හා කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (20) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.