මරදානේ චණ්ඩි අත්අඩංගුවට

සිංහල අලුත් අවුරුදු දා මරදාන ටෙක්නිකල් හන්දියේදී පුද්ගලයෙකුට පහරදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකළ පංචිකාවත්තේ සුරේෂ් බායි ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවටගත් බව මරදාන පොලීසිය පවසයි.

අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වන පංචිකාවත්තේ සුරේෂ් බායි නමැත්තා සන්තකයේ තිබී අත්බෝම්බයක් හා පහරදීමට යොදාගත් කඩුවක් ද පොලීසිය භාරයට ගෙන ඇත. 

ඉකුත් 14 වනදා දවල් කාලයේදී පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් මුල්කරගෙන සුරේෂ් බායි ඇතුළු පුද්ගලයන් දොළොස් දෙනෙකු පමණ ත්‍රිරෝද රථ දෙකකින් සහ යතුරුපැදියකින් මරදාන ටෙක්නිකල් හංදිය වෙත ගොස් මෙම ප්‍රහාරය එල්ලකර තිබිණි. 

පහරදීම හේතුවෙන් එම පුද්ගලයාගේ අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුවී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරිණි.

සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත. 

අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු මීට පෙර අපරාධ රැසකට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්ව ඇප මත සිටින පුද්ගලයෙක් බව පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published.