යුක්‍රේන-රුසියානු ගැටුම ලොකුම යුද්ධය වෙයි

මේ වනවිට ඉතිහාසයේ ලොව වැඩිම යුද වියදම සිදුකළ වසර බවට 2022 වසර පත්ව තිබේ.

ඒ අනුව ගෙවුණු වසරේ ගෝලීය යුද වියදම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.24ක දැවැන්ත මුදලකි.

ස්වීඩනය පාදක කරගත් ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය මේ බව පවසයි.

ඒ අනුව එය ඉතිහාසයට එක්වන්නේ එක් වසරක දී යුද්ධය වෙනුවෙන් වැය කළ දැවැන්තම මුදල ලෙසය.

එම ආයතනය පෙන්වා දෙන්නේ යුක්‍රේන- රුසියානු යුද ගැටුම් හේතුවෙන් මෙලෙස යුද වියදම් ඉහළ ගොස් ඇති බවය.

යුක්‍රේනයේ යුද වියදම ගෙවුණු වසරේදී සියයට 640කින් ඉහළ ගොස් තිබුණි.

එය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ඔවුන් යුද්ධය සඳහා වැය කළ වැඩිම වියදම බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුද වියදම් ඉහළ යාමෙන් වඩාත් අනාරක්ෂිත ලෝකයක් බිහිව ඇති බව ස්වීඩන සාම වාර්තාව පෙන්වා දෙයි.

යුද්ධය සඳහා ගෝලීය වියදම මෙතරම් ඉහළ ගොස් ඇත්තේ අඛණ්ඩ 8වැනි වසරටය.

2022 වසර තුළ යුරෝපයේ යුද වියදම සියයට 13කින් ඉහළ ගොස් ඇති අතර එය එම කලාපයෙන් ගෙවුණු 30 වසරට සාපේක්ෂව වාර්තාවූ වැඩිම යුද වියදමයි.

Leave a Reply

Your email address will not be published.