දුම්රිය දෙපාර්තමේන්තුවේ පරණ යකඩ ගැනත් තීරණයක් ගනී

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති භාවිතයට නොගන්නා බොහෝ පැරණි යන්ත්‍ර සුත්‍ර සහ යකඩ විකිණීම සඳහා අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (25) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැවසුවේ, මීට පෙර පැවති ක්‍රමවේදය හරහා සිදුවී ඇත්තේ දේශීය සමාගම් කිහිපයක් විසින් ඉතා අඩු මිලකට මෙම යකඩ බෙදාගැනීමක් පමණක් බැවින් එය නැවැත්වීම සඳහා මෙම නව ක්‍රමවේදය ඉදිරියේ දී අනුගමන කරන බවය. 

එමෙන්ම ආනයනය කර තිබෙන දුම්රිය මැදිරි සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් විසින් සිදුකරන ප්‍රකාශ සත්‍ය නොවන බවත් එහි නිරවද්‍යතාවය සොයාබලා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් අමාත්‍යරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් වූ වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියම කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.