උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරය ආරම්භ වෙයි


උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ අද (25) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ හර්තාල් ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල වෙළඳසැල් සියල්ල වසා දමා ඇති අතර පාසල් සඳහාද සිසුන් නොපැමිණ ඇති බවයි සඳහන් වන්නේ. ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.